Commission Policy

කොමිස් සහ ප්‍රසාද දීමනා ප්‍රතිපත්තිය (Commission & Bonus Policy)

Max Save International (Pvt) Ltd ආයතනය සමඟ අලෙවි නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමේදී ඔබට ලැබෙන ප්‍රතිලාභ සහ ඒවා ගෙවනු ලබන ආකාරය පිළිබඳ රෙගුලාසි මෙහි ඇතුළත් වේ.

1. කොමිස් මුදල් ගණනය කිරීමේ පදනම

අප ආයතනය හුදෙක් පුද්ගලයින් බඳවා ගැනීම (Recruitment) මත පමණක් කොමිස් මුදල් ගෙවනු නොලබයි.

සියලුම කොමිස් මුදල් සහ ප්‍රසාද දීමනා තීරණය වන්නේ ඔබ හෝ ඔබේ කණ්ඩායම විසින් සිදු කරනු ලබන සැබෑ භාණ්ඩ හා සේවා අලෙවිය (Business Volume - BV) මත පමණි.

2. කොමිස් වර්ග

Direct Sales Commission: ඔබ විසින් සෘජුවම හඳුන්වා දෙනු ලබන පාරිභෝගිකයෙකු භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ සඳහා නියමිත කොමිස් මුදල ඔබට හිමිවේ.

Team Performance Bonus : ඔබගේ කණ්ඩායමේ වම් සහ දකුණු පාර්ශවයන්ගේ (Left & Right Teams) අලෙවි පරිමාවන්  මත පදනම්ව මෙම ප්‍රසාද දීමනාව ගෙවනු ලැබේ.

3. කොමිස් ගෙවීමේ කොන්දේසි

ගෙවීම් මාධ්‍යය: සියලුම කොමිස් මුදල් ගෙවනු ලබන්නේ ලියාපදිංචි සාමාජිකයාගේ නමින් පවතින බැංකු ගිණුමකට පමණි.

ආරක්ෂාව: ඔබගේ ගිණුමේ මුරපදය (Password) ආරක්ෂිතව තබා ගැනීම ඔබේ වගකීමක් වන අතර, වෙනත් අයෙකු මුදල් ලබාගැනීමේ ඉල්ලීමක් (Withdrawal Request) මගින් මුදල් ලබාගතහොත් ඒ පිළිබඳව ආයතනය වගකීමක් දරනු නොලැබේ.

Capping (සීමාවන්): ආයතනයේ මූල්‍ය ස්ථාවරත්වය සහ දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් දෛනිකව හෝ සතිපතා ලබාගත හැකි උපරිම කොමිස් මුදල සීමා කිරීමට (Daily Capping) ආයතනයට අයිතිය ඇත.

4. වංචනික ක්‍රියා සහ ගිණුම් අත්හිටුවීම

මූල්‍යමය වංචාවක් හෝ අක්‍රමිකතාවයක් සිදු කළ බවට තහවුරු වුවහොත්, උපයා ඇති සියලුම කොමිස් මුදල් අත්හිටුවීමට සහ ගිණුම අවලංගු කිරීමට ආයතනය කටයුතු කරනු ඇත.

ආයතනය තුළ මුදල් පමණක් රැස් කරමින් (Money Collection), භාණ්ඩ අලෙවියකින් තොරව කොමිස් ලබාගැනීමට උත්සාහ කිරීම තහනම් වේ.

5. භාණ්ඩ ආපසු එවීම් (Returns) සහ කොමිස් සංශෝධනය

  • යම් පාරිභෝගිකයෙකු මිලදී ගත් භාණ්ඩයක් සඳහා මුදල් ආපසු ලබාගන්නේ නම් (Refund), එම අලෙවිය වෙනුවෙන් ගෙවන ලද සියලුම කොමිස් මුදල් අදාළ නියෝජිතයින්ගේ ගිණුම්වලින් අඩු කිරීමට හෝ ඉදිරි ගෙවීම්වලින් කපා හැරීමට ආයතනය බැඳී සිටී.

6. බදු සහ පරිපාලන ගාස්තු

  • රජයේ නීතිරීතිවලට අනුව කොමිස් මුදල් ගෙවීමේදී අදාළ බදු මුදල් (WHT) සහ පද්ධති නඩත්තු ගාස්තු (Processing Fees) අඩු කර ශුද්ධ කොමිස් මුදල ගෙවීමට ආයතනයට අයිතිය ඇත.


මුදල් ලබාගැනීමේ (Withdrawal) රෙගුලාසි

සෑම සතියකම මුදල් ලබාගැනීමේ ඉල්ලීම් (Withdrawal Requests) ඉරිදා දින මධ්‍යහ්න 12:00 ට පෙර ඉදිරිපත් කළ යුතුය.
ඉරිදා දහවල් 12:00 ට පෙර ඉදිරිපත් කරන සියලුම ඉල්ලීම් සඳහා අදාළ මුදල් ඊළඟ සඳුදා දින ඔබගේ බැංකු ගිණුමට බැර කරනු ලැබේ.
යම් හෙයකින් ඉරිදා දහවල් 12:00 න් පසුව ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සඳහා මුදල් බැර කරනු ලබන්නේ ඊළඟ සතියේ සඳුදා දිනකය.
බැංකු නිවාඩු දින හෝ පද්ධති නඩත්තු කටයුතු පවතින අවස්ථාවලදී මෙම කාලසීමාවන් සුළු වශයෙන් වෙනස් විය හැක.