
අද වන විට ලෝකයේ කාබනික පොහොර සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. නිවසේ සිටම කළ හැකි වාණිජ මට්ටමේ ව්‍යාපාරයක් ලෙස වර්මි කොම්පෝස්ට් (Vermi Compost) නිෂ්පාදනය දැන් ඉතා ජනප්‍රියයි. ඔබ සතුව අඩි 3 - 3 -15 ප්‍රමාණයේ ටැංකියක් ඇත්නම්, එයින් ඔබට ලබාගත හැකි අතිවිශාල ලාභය ගැන ඔබ දැනුවත්ද?
ඔබේ ටැංකියේ මුළු ධාරිතාව ඝන අඩි 135 කි. සාමාන්‍යයෙන් මෙවැනි ටැංකියක් පිරවූ විට, නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු ඔබට කිලෝග්‍රෑම් 1,300 සිට 1,800 දක්වා වර්මි කොම්පෝස්ට් අස්වැන්නක් බලාපොරොත්තු විය හැකිය.
මෙම අස්වැන්න තීරණය වන්නේ ඔබ යොදන අපද්‍රව්‍යවල ස්වභාවය සහ පණුවන් 30,000 කගේ ක්‍රියාකාරිත්වය මතයි. මීට අමතරව වටිනා අතුරු නිෂ්පාදනයක් ලෙස වර්මි-වොෂ් (Vermi-wash) දියර පොහොර ලීටර් ගණනාවක්ද ඔබට ලබාගත හැක.
වර්මි කොම්පෝස්ට් කිලෝග්‍රෑමයක් රුපියල් 100 බැගින් අලෙවි කරන්නේ නම් ඔබේ ආදායම මෙසේය:
අවම අස්වැන්න (කිලෝ 1,300): 1,300 * රු 100 = රු. 130,000
උපරිම අස්වැන්න (කිලෝ 1,800): 1,800 රු 100 = රු. 180,000
එක් නිෂ්පාදන වටයකින් (මාස 3 කට වරක්) ඔබට රුපියල් ලක්ෂයකට ආසන්න ආදායමක් උපයාගත හැකිය. මෙයට අමතරව වර්මි-වොෂ් දියරය අලෙවි කිරීමෙන් තවත් අමතර ආදායමක් ලැබෙනු ඇත.
අඩු පිරිවැය: ප්‍රධාන අමුද්‍රව්‍යය වන්නේ ඉවතලන කාබනික අපද්‍රව්‍ය සහ ගොම බැවින් නිෂ්පාදන වියදම ඉතා අවමයි.
ස්වයංක්‍රීය ක්‍රියාවලිය: පණුවන් විසින් අපද්‍රව්‍ය ජීර්ණය කරන බැවින් ඔබට කළ යුත්තේ නිසි තෙතමනය සහ ආහාර සැපයීම පමණි.
වෙළඳපොළ සහතිකය: Vermi Lanka Composting අප විසින් හඳුන්වා දී ඇති විශේෂ App එක හරහා ඔබේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට දැන් ඉතා පහසුයි.
අඩි 3 -3 -15 වැනි වාණිජ ඒකකයක් පවත්වාගෙන යාමේදී ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම, පණුවන් සැපයීම සහ වෙළඳපොළ සම්බන්ධීකරණය යන සියල්ල Vermi Lanka Composting අප විසින් ලබා දෙන්නෙමු.
අදම ඔබේ නිවසේ සිටම මෙම පරිසර හිතකාමී සහ ලාභදායී ව්‍යාපාරය ආරම්භ කරන්න.
මිලදී ගැනීමේ මිල: ඔබ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියෙන් යුත් පණුවා පොහොර කිලෝ ග්‍රෑමයක් රුපියල් 60.00 ක ස්ථාවර මිලකට අප ආයතනය විසින් මිලදී ගනු ලැබේ.
ගෙවීම් ක්‍රමය: ලබාදෙන නිෂ්පාදන ප්‍රමාණයට අදාළ මුදල ඔබගේ බැංකු ගිණුමට හෝ පද්ධතියේ ඇති ඔබගේ ගිණුමට (Wallet) සෘජුවම බැර කිරීමට කටයුතු කරනු ඇත.
ප්‍රමිති පරීක්ෂාව: අප විසින් මිලදී ගනු ලබන්නේ තෙතමනය නිසි පරිදි පාලනය කරන ලද සහ නියමිත ප්‍රමිතියට අනුව සකස් කරන ලද පොහොර පමණි.
ප්‍රවාහනය: නිෂ්පාදන ආයතනය වෙත ලබාදීමේදී වැයවන ප්‍රවාහන වියදම් නිෂ්පාදකයා විසින් දැරිය යුතුය.
ඔබගේ වගා කටයුතුවලින් අතිරික්ත වන පොහොර සඳහා සාධාරණ මිලක් ලබාගැනීමට මෙය කදිම අවස්ථාවකි.